Terms & Conditions

Hoyamu.lk වෙබ් අඩවිය පවත්වාගෙන යෑමේ ප්‍රධාන අයිතිය  Hoyamu Lanka Pvt Ltd ආයතනය සතුය.එම නිසා පහත කරුණු පිළිබඳව සැළකිලිමත් වන්න.


අයිතීන් 

අප වෙබ් අඩවිය සතුව පවතින නිර්මාණයන් හා අනෙකුත් සියලුම නිෂ්පාදනයන්හි සම්පූර්ණ අයිතිය අප ආයතනය සතුවන අතර කිසිදු ආකාරයකින් වෙනත් පාර්ශවයකට එවා විකිණීම, ලග තබාගැනීම හෝ වෙනත් වාණිජමය කටයුතු සඳහා බාවිතා කිරීම නීති විරෝධී වේ. එසේම කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට අප ආයතනයේ ලිඛිත අවසරයකින් තොරව අපගේ Watermark සහිත නිර්මාණ ප්‍රදර්ශනය කිරීමද සම්පූර්ණයෙන් තහනම් වේ.


පුද්ගලයන් 

පාරිභෝගිකයන් වෙත අප ලබාදෙනු ලබන සේවාවන් හා නිශ්පාදනවල කාණ්ඩය අනුව ඒ ඒවායේ ගෙවීමේ ක්‍රමයන් හා මිල ගනන් වෙනස් විය හැකි අතර එම නිශ්පාදනයන් පාරිභෝගිකයා වෙත ලබාදුන් පසු සිදුවන වෙනස්කම් සඳහා අප වග නොකියන බව කරුණාවෙන් සලකන්න.


තවද අපගේ නිර්මාණයන් හා නිශ්පාදන භාවිතා තෙවනි පාර්ශව මගින් සිදු කරනු ලබන කිසිදු ක්‍රියාවකට අප ආයතනය වග කියන්නෙ නැත.